Home / මානවශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨයේ 2017 නම්කනීකරණ වැඩසටහන

 

This post is also available in: English

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර  හා සමාජවිද්‍යා පීඨයේ නවක සිසුන් සදහා වන 2017 නම්කනීකරණ වැඩසටහන 2017.02.27 දින සිට 2017.03.05 දින දක්වා පැවැත්වෙන අතර, සියලුම නවක සිසුන් ඊට සහභාගී වීම අනිවාර්ය වේ. සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2017.02.27 දින පෙ. ව. 8.30 ට විශ්වවිද්‍යාලීය බණ්ඩාරනායක ශාලාව වෙත පැමිණිය යුතු අතර, නේවාසිකාගාර පහසුකම් අවශ්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් එදිනම ප.ව. 5.00 ට පෙර ශිෂ්‍ය සුබසාධක අංශය වෙත දැනුම් දිය යුතුය.

නම්නිකරණ වැඩසටහන අවසන් වීමෙන් අනතුරුව 2017.03.06 වන දින සිටම අධ්‍යයන වර්ෂය ආරම්භ වීමට නියමිත බැවින්, අඛණ්ඩව රැදී සිටීම සඳහා අවශ්‍ය සියලු දෑ රැගෙන එන ලෙස දන්වමි. පාඨමාලාව පිලිබඳ සියලු විස්තර ඇතුලත් පීඨ ශිෂ්‍ය විවරණිකාවෙහි මෘදු පිටපත මානවශාස්ත්‍ර සා සමාජීයවිද්‍යා පීඨ වෙබ් අඩවියෙන් (http://fhss.sjp.ac.lk/)  ලබා ගත හැකි අතර විශ්වවිද්‍යාලයට පැමිණීමට පෙර එය හොදින් කියවා අවබෝධ කරගෙන සිටීම පාඨමාලා තේරීමේදී වඩාත් පහසුවනු ඇත. එහි මුද්‍රිත පිටපත විශ්වවිද්‍යාලයට පැමිණීමෙන් පසුව ලබා දෙනු ලැබේ.

Related Posts Plugin for WordPress, Blogger...