ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වෙබ් අඩවිය අලුත් වෙයි

University of Sri Jayewardenepura launches a new website

2019 නව වසරේ ආරම්භය සනිටුහන් කරමින් ජපුර වෙබ් අඩවි කණ්ඩායම සහ ජපුර මාධ්‍ය කණ්ඩායම් විසින් නව විශේෂාංග සහ නව මුහුණුවරකින් යුත් වෙබ් අඩවියක් සංවර්ධනය කර තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ඩිජිටල් මාධ්‍ය සහ සන්නිවේදන අධ්‍යක්ෂක; මහාචාර්ය හිරාන් අමරසේකර මහතාගේ මඟපෙන්වීම යටතේ ජපුර වෙබ් කණ්ඩායම මෙම නව වෙබ් අඩවිය නව තාක්ෂණික වැඩිදියුණු කිරීම් සහ ඩිජිටල් ලෝකයේ යාවත්කාලීන කිරීම් වලට අනුකූලව සංවර්ධනය කරන ඇත.
නව විශේෂාංගවලින් සමන්විත මෙම නව වෙබ් අඩවිය මඟින් පරිශීලකයන් හට ක්ෂණිකව සහ පහසුවෙන් තොරතුරු වෙත ප්‍රවේශ වීමට ඉඩ සලස්වා තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය හරය, මෙහෙවර, ශක්‍යතාව, ප්‍රවීණතාව සහ කාර්ය ඛණ්ඩය වැනි දේ ප්‍රවර්ධනය මඟින් විශ්ව විද්‍යාලයීය මූලෝපායට සහ ප්‍රමුඛතාවයට දායක කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි. වැඩිදුරටත් දේශීය සහ ජාත්‍යන්තර සිසුන් සඳහා ක්‍රමවත්ව පහසුවෙන් තොරතුරු ඉදිරිපත් කර ඔවුන් ආකර්ෂණයකරගැනීම සහ බඳවා ගැනීම කෙරෙහිද අවධානය යොමු කරයි.
Related Posts Plugin for WordPress, Blogger...

News