Sports

2017 ලෝක විශ්වවිද්‍යාලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩා කණ්ඩායමක් සහභාගී වෙයි. මෙවර ලෝක විශ්වවිද්‍යාලීය ක්‍රීඩා උළෙල 2017 අගෝස්තු මස 19 වැනිදා සිට 30 වැනිදා දක්වා තායිවානයේ තායිපේ අගනුවරදී පැවැත්වේ. සහභාගීවන්නන්ගේ නම් ලැයිස්තුව සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/news/jayewardenepura-team-for-world-university-games-2017/
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථ, ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්‍ෂක ජනරාල් චූලනන්ද පෙරේරා මහතා සහ ඔහුගේ පවුලේ පිරිස විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ ශිෂ්‍යත්ව අවශ්‍ය උපාධි අපේක්ෂකයින් කිහිප දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේද සහභාගිත්වයෙන් පැවැත්විය. ජපුර මල්ලවපොර කණ්ඩායමේ හිටපු නායකයෙක් වන චුලානන්ද මහතා මෙහිදී ජපුර...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නෙට් බෝල් කණ්ඩායමේ ඇඳුම් කට්ටලය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 1985-1986 උපාධිධාරී සංගමය විසින් අනුග්‍රාහකත්වය ලබා දීමේ අවස්ථාව 2017 ජුලි මස 18 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.  
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යයනාංශයේ උපදේශක සුදර්ශන කිර්තිරත්න මහතාගේ “ක්‍රීඩා සමාජ විද්‍යාව” පොත දොරට වැඩුම 2017 ජුලි මස 05 වැනිදා පෙ.ව. 10.00 ට විශ්වවිද්‍යාලීය සුමංගල කියවීම් ශාලාවේදී පැවැත්විය.
Read More
J'pura Warna 2017
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 43 වන වර්ණ සම්මාන උළෙල මෙවර 2017 ජුනි මස 21 දින කොළොඹ “වෝටර්ස් එජ්” හෝටලයේදී පැවැත්විය. මෙවර සම්මාන ප්‍රධානෝත්සවය සංවිධානය ක්‍රීඩා කවුන්සිලය මගින් සිදුවිය.
Read More
කොළොඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටියේ පැවති 2017 අන්තර් විශ්වවිද්‍යාලීය ක්‍රීඩා තරඟාවලියේ ක්‍රිකට් ශුරතාවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට හිමිවිය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම සාමාජික පිරිසගේ නම් සදහා පිවිසෙන්න : www.sjp.ac.lk/news/japura-team-wins-the-cricket-championship-at-the-2017-inter-university-games/  
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රිකට් හා රග්බි කණ්ඩායම් සදහා අභිමානවත් අනුග්‍රහකත්ව දැක්වීමට ජපුර උපාධිධාරීන්ගේ සංගමය ඉදිරිපත් වේ. මේ සදහා වූ හමුවක් 2017 මාර්තු මස 17 දින පැවති අතර එහිදී අදාළ මුදල් පරිත්‍යාගයන් සිදුවිය.
Read More
Sport and Fitness program (
2017 පෙබරවාරි මස 9 වැනි දින අතිගරු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැත්වූ ක්‍රීඩා හා ශාරීරික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනට සමගාමිව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී විශේෂ වැඩමුළුවක් හා දේශන මාලාවක් පැවැත්විය. විශ්වවිද්‍යාලීය ක්‍රීඩා සංගමය සංවිධානය කල මේ වැඩසටහන සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද සහභාගිවිය.  
Read More
Sports day
නව තාක්ෂණ පීඨයේ ප්‍රථම ශිෂ්‍ය ක්‍රීඩා දිනය 2016 දෙසැම්බර් මස 29 වැනි දින මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ දී පවත්වන ලදී. මේ අවස්ථාව සදහා ආචාර්යවරු, කාර්ය මණ්ඩලය සහ 320 ක පමණ ශිෂ්‍ය ප්‍රමාණයක් සහභාගිවිය. උදැසන 9.00 ට ආරම්භ වූ වැඩසටහන පස්වරු 3.30 පමණ වන තෙක් පැවැත්විය.
Read More
slug-champions-2016
  ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා ( SLUG ) – 2016 ජයගග්‍රාහී ගමන සදහා දායක වූ සියලු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩකයින්ට සුබ පැතුම්! ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩකයින් විසින් ජය ගත් ප්‍රථම SLUG තරගය ලෙස මෙය ඉතිහාස ගතවනු ඇති. බොහෝ දිවා රාත්‍රීන් කැප කරමින් මහන්සියෙන් නෙලා ගත මෙම ප්‍රතිපලය සදහා දායක වූ සියලු දෙනාටම සුභපැතුම් පිරිනමන...
Read More
1 2 3 4

Recent Comments