Events

Loading Events

Upcoming Events

Events Search and Views Navigation

Event Views Navigation

March 2019

මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ නවක සිසුන් ලියාපදිංචිය සහ නම්ණීකරණය 2019

March 14 - March 18

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ නවක සිසුන් කණ්ඩායම ලියාපදිංචි කිරීම සහ නම්නිකරණ වැඩසටහන   2019 වර්ෂයේ මාර්තු මස 14 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර  ඒ සඳහා සියලුම සිසුන් උදැසන 7.45 වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බණ්ඩාරනායක ශාලාවේ අසුන් ගත යුතුය. සමාරම්භක උත්සවය පැවැත්වීම සහ නේවාසිකාගාර පහසුකම්  ලබා දීම පළමු දිනයේ සිදු කෙරෙන අතර 2019 මාර්තු  මස 15 සිට 17 දක්වා නම්නිකරන වැඩසටහන පැවැත්වේ. අධ්‍යයන කටයුතු 2019 වර්ෂයේ මාර්තු මස 18 වනදා  ආරම්භ කිරීමට නියමිතය. බණ්ඩාරනායක ශාලාව:

Find out more »

භාෂා ග්‍රහණය, ද්විභාෂා, දෙවන භාෂා ඉගැන්වීම, භාෂා ප්‍රතිපත්තිය හා සැලසුම්කරණය සඳහා වන සමුළු

March 18 @ 8:00 am - March 21 @ 5:00 pm

මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය, ජාතික භාෂා පැසුරුම් මධ්‍යස්ථානය, මොරටුව විශ්ව විද්‍යාලය හා ජර්මනියේ කොන්ස්ටාන්ස් විශ්ව විද්‍යාලය එක්ව සංවිධානය කරනු ලබන භාෂා ග්‍රහණය, ද්විභාෂා, දෙවන භාෂා ඉගැන්වීම, භාෂා ප්‍රතිපත්තිය හා සැලසුම්කරණය සඳහා වන සමුළු 2019 මාර්තු මස 18 සිට 21 වන දින දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් අධ්‍යනංශයේදී පැවැත්වේ. අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය : 05.03.2109 අයදුම්පත : https://docs.google.com වෙබ් අඩවිය : International Spring School in Advanced Language Engineering

Find out more »

විදුදය දියමන්ති ජුබිලිය වෙනුවෙන් පැවැත්වෙන ලේ දන්දීමේ කඳවුර

March 18 @ 9:00 am - 3:00 pm

60 වන සංවත්සර සැමරුම සඳහා සිසු සිසුවියන්ගේ සහභාගීත්වය වැඩි දියුණු කරනු වස් පවත්වනු ලබන ලේ දන්දීමේ කඳවුර 2019 මාර්තු මස 7 වන දින BMICH පරිශ්‍රයේ පැවැත්වේ. මේ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමය, ක්‍රිස්තියානි සංගමය, හින්දු සංගමය සහ ඉස්ලාමීය සංගමය යන සංගම් සියල්ල එකාවන්ව පෙළගැසෙනු ඇත. මෙම කඳවුර මහා ජනයා සඳහාද විවෘතවේ. මෙය 60 වන සංවත්සර සැමරුම වෙනුවෙන් පවත්වනු ලබන වැඩසටහන් මාලාවේ තවත් අංගයකි.

Find out more »
+ Export Events