නැවතත් සොබාදහමට

නැවතත් සොබාදහමට යන මැයෙන් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා තරුණ ජීව විද්‍යාඥයින්ගේ සංගමය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික සංගමය සමඟ සහයෝගීත්වයෙන් ඉදිරිපත් කරන ලද්දේ තරුණ පරපුර සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු කරවීමට, චලනයන් වැඩි දියුණු කිරීමට, විවේකය හා අධ්‍යාත්මය ප්‍රවර්ධනය කිරීමට හා එමගින් පරිසර සංරක්ෂණ ප්‍රවර්ධනය කිරීමටයි.
මෙම වැඩසටහන් මාලාවේ පළමු දියත් කිරීම 2019 ජනවාරි මස 28 වන දින වන හා පාරිසරික අධ්‍යනාංශය අසල පිහිටි උද්භිද උද්‍යානයේදී සිදු කෙරුණු අතර එහිදී ප්‍රධාන මාතෘකා 4ක් යටතේ සාකච්ඡා පැවැත්විණ.

1. කමු – සකස් නොකරන ලද ආහාර
2. යමු – චලනයන් වැඩි දියුණු කිරීම
3. ඉමු – විවේකය හා අධ්‍යාත්මය ප්‍රවර්ධනය කිරීම
4. සුරකිමු – පරිසර සංරක්ෂණ ප්‍රවර්ධනය කිරීම

මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ව්‍යවහාරික විද්‍යා පීඨ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා, විශ්ව විද්‍යාලයීය ලේඛකාධිකාරී ඥානසිරි බ්‍රිටෝ මහතා, නැවතත් සොබාදහමට ව්‍යාපෘති නිර්මාතෘ හා වන හා පරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය හිරාන් අමරසේකර මහතා සහ තවත් සම්භාවනීය පිරිසක් සහභාගී විය.

වැඩි විස්තර දැනගැනීම සඳහා වෙබ් අඩවිය http://science.sjp.ac.lk/backtonature/

ෆේස්බුක් මඟින් සම්බන්ධ වන්න https://www.facebook.com/backtonatureSriLanka/

Related Posts Plugin for WordPress, Blogger...

News