Academic Vacancies – Faculty of Humanities & Social Sciences

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය
අධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් අදාළ සුදුසුකම් සපුරා ඇති අපේක්ෂකයන්ගෙන් පහත සඳහන් තනතුරු සඳහා 2018.08.20  දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.

  • භාෂා, සංස්කෘතික අධ්‍යයන හා ප්‍රාසංගික කලා අධ්‍යයනාංශය 
  • නිර්මාණාත්මකසංගීතතාක්ෂණයවිෂයයපිළිබඳජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (I ශ්‍රේණිය)/ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II ශ්‍රේණිය)/ කථිකාචාර්ය (ආධුනික)තනතුර

නිර්මාණාත්මක සංගීත තාක්ෂණය විශේෂ ක්ෂේත්‍රය පිළිබඳ(නිර්මාණාත්මක සංගීත තාක්ෂණය ප්‍රධාන වූ) උපාධියක් ලබා ඇති අයදුම්කරුවන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වනු ලැබේ.

සංගීත තාක්ෂණය/ නිෂ්පාදනය සම්බන්ධ පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ.

  • සංගීතයසහවීඩියෝතාක්ෂණයවිෂයයධාරාවපිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (I ශ්‍රේණිය)/ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II ශ්‍රේණිය)/ කථිකාචාර්ය (ආධුනික) තනතුර

සංස්කෘතික හා සෞන්දර්ය අධ්‍යයනය (සංගීතය) ශාස්ත්‍රවේදී (විශේෂ) ප්‍රථම පෙළ හෝ දෙවන පෙළ ඉහළ උපාධියක් සහිතව තොරතුරු තාක්ෂණය (බහුමාධ්‍ය) පිළිබඳ පශ්චාද් උපාධියක් ලබා ඇති අයදුම්කරුවන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වනු ලැබේ.

සංගීතය හා වීඩියෝ තාක්ෂණය සම්බන්ධ පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ.

  • දේශපාලන විද්‍යා අධ්‍යයනාංශය
  • ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (I ශ්‍රේණිය)/ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II ශ්‍රේණිය)/ කථිකාචාර්ය (ආධුනික) තනතුර

දේශපාලන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරීන් සඳහා විශේෂ සැලකිල්ලක් දක්වනු ලැබේ.

වැටුප් පරිමාණය :-

  •  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (I ශ්‍රේණිය)

රු.91,310–7X2,170–106,500 p.m. U-AC 3 (I) (2020.01.01 සිට)
රු.71,965/-  –  U-AC 3 (I) (2018.07.01 සිට)

  • ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II ශ්‍රේණිය)

රු.79,360–11X1,630–97,290 p.m. U-AC 3 (II) (2020.01.01 සිට)
රු. 62,695/-   –   U-AC 3 (II) (2018.07.01 සිට)

  • කථිකාචාර්ය (ආධුනික)

රු.54,600–10X1,335–67,950 p.m. U-AC 3 (IV) (2020.01.01 සිට)
රු.43,506/-  –  U-AC 3 (IV) (2018.07.01 සිට)

මීට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත දීමනා ගෙවනු ලැබේ.ඒ අනුව,

  • ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (I ශ්‍රේණිය)
    ආසන්න දළ වැටුප රු.202,825.15 (2018.07.01 දින සිට)
    එමෙන්ම 35% කප්‍රමාණයක්”පර්යේෂණදීමනා”ලෙසපර්යේෂණයකනියැලීමටයටත්වගෙවනුලැබේ.)
  • ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II ශ්‍රේණිය)
    ආසන්න දළ වැටුප රු.177,703.45 (2018.07.01 දින සිට)
    (එමෙන්ම 35% කප්‍රමාණයක්”පර්යේෂණදීමනා”ලෙසපර්යේෂණයකනියැලීමටයටත්වගෙවනුලැබේ.)
  • කථිකාචාර්ය (ආධුනික)
    ආසන්න දළ වැටුප රු.110,039.10 (2018.07.01 දින සිට)
    (එමෙන්ම 35% කප්‍රමාණයක්”පර්යේෂණදීමනා”ලෙසපර්යේෂණයකනියැලීමටයටත්වගෙවනුලැබේ.)

 ප්‍රතිලාභ :-

  • ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (I ශ්‍රේණිය)/ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II ශ්‍රේණිය)/ කථිකාචාර්ය (ආධුනික)
  • මාසික ඉපැයීම්වලින් 10% ක් අර්ථසාධක අරමුදලට බැර වන අතර, විශ්වවිද්‍යාලය විසින් එම තනතුරුලාභීන්ගේ මාසික ඉපැයීම්වලින් 15% ක් (විශ්වවිද්‍යාලයීය අර්ථසාධක අරමුදල සඳහා 7% ක් හා විශ්වවිද්‍යාල විශ්‍රාම වැටුප් අරමුදල සඳහා 8% ක්) හා 3% ක් සේවා නියුක්ති භාරකාර අරමුදලට බැර කරනු ලැබේ.
  • 1933 අංක 12 දරන පාරිතෝෂික දීමනා පනත ප්‍රකාරව පාරිතෝෂික දීමනා ගෙවනු ලැබේ.
  • ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II ශ්‍රේණිය)හෝ ඉන් ඉහළ තනතුරු දරන්නන් සඳහා එක් අවුරුදු වැටුප් සහිත සප්ත වාර්ෂික නිවාඩු හෝ අවුරුදු දෙකක වැටුප් රහිත නිවාඩු සඳහා වසර හතක සේවා කාලය අවසානයේ සුදුසුකම් ලබනු ඇත. මෙම සප්ත වාර්ෂික නිවාඩුව එතෙර ගත කරන විට ඒ සඳහා යානපත්‍ර ගාස්තු ලැබීමේ හිමිකම තනතුරුලාභියාට මෙන්ම කලත්‍රයාටද හිමිවේ.

අයදුම්පත් හා අයදුම් කිරීමේ ක්‍රමය

ඉහත තනතුරු සඳහා අයදුම්පත, අධ්‍යාපන සුදුසුකම් හා අනෙකුත් විස්තර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල නිල වෙබ්අඩවියෙන්(www.sjp.ac.lk) බාගත කර ගැනීමෙන් ලබා ගත හැක.

සම්පූර්ණ කරන ලද අයදුම්පත් ලියාපදිංචි තැපැල් මගින් නියෝජ්‍ය ලේඛකාධිකාරි/ අධ්‍යයන ආයතන අංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට 2018.08.20දිනට ප්‍රථම එවිය යුතුය. අයදුම්පත බහා එවන කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි අයදුම් කරනු ලබන තනතුර පැහැදිලිව සඳහන් කළ යුතුය.

විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය/ රාජ්‍ය සේවය/ රාජ්‍ය සංස්ථා/ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවයෙහි නියුතු අයදුම්කරුවන් ස්වකීය අයදුම්පත් අදාළ ආයතන ප්‍රධානීන් මගින් එවිය යුතුය.

අපේක්ෂකයන්ගේ ලුහුඬු ලැයිස්තු සැකසුම විශ්වවිද්‍යාලය සතු වේ. මෙම අවශ්‍යතාවන්ට අනුකූල නොවන, අසම්පූර්ණ, විශ්වවිද්‍යාල වෙබ්අඩවිය තුළින් බාගත කර ගත් අයදුම්පත් නොවන සහ නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් දැනුම්දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

ලේඛකාධිකාරී,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල, නුගේගොඩ.

අයදුම්පත මෙතැනින් බාගත කරගන්න
අධ්‍යාපන සුදුසුකම් හා අනෙකුත් විස්තර මෙතැනින් බාගත කරගන්න 

 

Related Posts Plugin for WordPress, Blogger...

Upcoming Events

There are no upcoming events at this time.

News