July 2017

Month

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිනී මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය විසින් සැප්තැම්බර් පළමු වැනිදා සිට රට පුරා ක්‍රියාත්මක වන තුනී පොලිතින් සිලි සිලි බෑග් හා ලන්ච් ෂිට් තහනමට අපේ කාන්තාව සුදානම් විය යුතු ආකාරය පිළිබඳව අදහස් දැක්වූ වටිනා ලිපියක් 2017 ජුලි මස 30 වැනිදා සිළුමිණ පුවත්පතේ පලවිය. ලිපිය කියවීම සඳහා පිවිසෙන්න : http://archives.silumina.lk/epaper/
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථ, ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්‍ෂක ජනරාල් චූලනන්ද පෙරේරා මහතා සහ ඔහුගේ පවුලේ පිරිස විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ ශිෂ්‍යත්ව අවශ්‍ය උපාධි අපේක්ෂකයින් කිහිප දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේද සහභාගිත්වයෙන් පැවැත්විය. ජපුර මල්ලවපොර කණ්ඩායමේ හිටපු නායකයෙක් වන චුලානන්ද මහතා මෙහිදී ජපුර...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නෙට් බෝල් කණ්ඩායමේ ඇඳුම් කට්ටලය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 1985-1986 උපාධිධාරී සංගමය විසින් අනුග්‍රාහකත්වය ලබා දීමේ අවස්ථාව 2017 ජුලි මස 18 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.  
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර සන්නිවේදන ඒකකය විසින් එහි අධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා සංවිධානය කරන ලද මහාචාර්ය ප්‍රියන්වදා අබේවික්‍රම මහත්මිය විසින් මෙහෙයවන ලද “භාෂා පරීක්ෂණ” වැඩමුළුවක් 2017 ජූලි මස 24 දින පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා පීඨ රැස්වීම් ශාලාවේදී පැවැත්විය.
Read More
ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය විසින් මාරාන්තික ඩෙංගු උණ රෝගය සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් සොයාගැනීම සම්බන්ධයෙන් 2017 ජුලි මස 23 වැනිදා ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක ලිපියක් පලවිය. සම්පුර්ණ ලිපිය කියවීම සඳහා පිවිසෙන්න : www.sundayobserver.lk/2017/07/16/features/finally-promising-drug  
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ජපානයේ චූඕ විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම 2017 ජූලි මස 18 වන දින සිදුවිය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගිණුම්කරණ අධ්‍යයනාංශය සහ නිහාල් හෙට්ටිආරච්චි සහ සමාගම 2017 ජුලි මස 20 වැනිදා විශ්වවිද්‍යාලීය රැස්වීම් ශාලාවේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි.
Read More
පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 54 වන ගුණ සැමරුම 2017 ජූලි මස 19 වන දින පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පුජ්‍ය මහාචාර්ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමින් වහන්සේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, තාක්ෂණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතා, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති එස්. ඒ. එම්. එම්. සුබසිංහ මහතා, උපාධි...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශය විසින් 3 වැනි වරටත් සංවිධානය කරන ලද පොලිමර් විද්‍යා හා තාක්ෂණ ජාත්‍යන්තර සමුළුව 2017 ජූලි මස 13 වැනිදා සිට 15 වැනිදා දක්වා බොරලැස්ගමුව “ගෝල්ඩන් රෝස්” හෝටලයේදී සාර්ථකව පැවැත්විය. 2017 පොලිමර් විද්‍යා හා තාක්ෂණ ජාත්‍යන්තර සමුළුවහි නිල වෙබ් අඩවිය : http://polymersympo.sjp.ac.lk/
Read More
පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 54 වන ගුණ සැමරුම වෙනුවෙන් පැවති බෝධි පූජා පිංකම 2017 ජූලි මස 17 දින පුජ්‍ය පදලංගල ධම්මදේව ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ඇතුළු පිරිසක් සහභාගිවිය.
Read More
1 2 3

Recent Comments