ව්‍යාපාර ආර්ථික විද්‍යා ශිෂ්‍යයින් TRIBUTE 2019 හිදී සම්මාන දිනා ගනී

ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශ තෙවන වසර සිසුහු විසින් 2019 මැයි මස 26 වන දින කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පැවති වාර්ෂික AIESEC සම්මාන උළලේදී හොඳම නායකත්ව දක්ෂතා සඳහා සම්මාන දිනා ගත්තහ. 500ක් පමණ නියෝජිතයන් සහභාගී වූ එම උත්සවයේ ශ්‍රී ලංකා අයිසන්හවර් ගෝලීය සාමාජිකයෙක් සහ මහරාජා සමූහයේ අධ්‍යක්ෂ චෙවාන් ඩැනියෙල් මහතා මුලසුන හෙබවීය.

සම්මාන ලබාගත් උපාධි අපේක්ෂකයන්,

හොඳම තරුණ නායකයා සම්මානය: බිනාශි පෙරේරා මෙනෙවිය

වඩාත් කැපී පෙනෙන IGV ග්‍රීෂ්ම ව්‍යාපෘති සම්මානය: පසන් විජයවර්ධන මහතා 

හොඳම IXPier සම්මානය: තරුෂා හේවාවසම් මෙනෙවිය 

විශිෂ්ටතම සංවිධායක කමිටු සම්මානය

ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශ සිසුන්,
සංවිධායක කමිටු සභාපති: පසන් විජයවර්ධන මහතා
සංවිධායක කමිටු උප සභාපති (Logistics): ලෝචන මහේන්ද්‍රවංශ මහතා
සංවිධායක කමිටු උප සභාපති (Events): බිනාශි පෙරේරා මෙනෙවිය

Related Posts Plugin for WordPress, Blogger...

Upcoming Events

There are no upcoming events at this time.

News