ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා සහ අපරාධ විද්‍යා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය ජනපති ප්‍රදානත්වයෙන්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා අධ්‍යයනාංශයේ සමාජවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සහ අපරාධ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019 මාර්තු මස 19 වන දින පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. පාඨමාලා සාර්ථකව අවසන් කළ 166 දෙනෙකු අද ඩිප්ලෝමා සහතික පත් ලබාගත් අතර සංකේතවත්ව 06 දෙනෙකු වෙත ජනාධිපතිතුමා අතින් සහතික පත් පිළිගැන්විණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පිඨාධිපති මහාචාර්ය ඩී.පී.එස් චන්ද්‍රකුමාර මහතා, මහාචාර්ය මයුර සමරකෝන් මහතා, මහාචාර්ය ඩබ්.එස්. විජේකෝන් මහතා, මහාචාර්ය ප්‍රණිත් අබේසුන්දර මහතා ඇතුළු අචාර්ය මහාචාර්වරුන් ඇතුළු විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Posts Plugin for WordPress, Blogger...

Upcoming Events

There are no upcoming events at this time.

News