මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ ශිෂ්‍ය සුබසාධන හා උපදේශන මධ්‍යස්ථානයේ ශිෂ්‍යත්ව ප්‍රදානය 2019

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය යටතේ ක්‍රියාත්මක වන ශිෂ්‍ය සුබසාධන හා උපදේශන මධ්‍යස්ථානය විසින් එම පීඨයේ ප්‍රථම උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් (2016/2017 අධ්‍යයන වසර) සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රදානය 2019.02.12 වන දින පීඨ මණ්ඩල රැස්වීම් ශාලාවේදී පීඨාධිපති ඩී. පී. එස්. චන්ද්‍රකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

Related Posts Plugin for WordPress, Blogger...

News