Non-Academic Vacancies (Open Recruitments) – University of Sri Jayewardenepura

පුරප්පාඩු

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

මෙම විශ්වවිද්‍යාලයේ පහත සඳහන් ස්ථීර තනතුරු සඳහා සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ගෙන් 2026.11.01 දින පෙ.ව. 8.30 සිට 2026.11.14 දින ප.ව. 4.00 දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.

 

මහජන සෞඛ්‍ය පරීක්ෂක (III ශ්‍රේණිය)
PUBLIC HEALTH INSPECTOR (GRADE III)

සුදුසුකම් :-

  1. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂක විභාගය සමත් වීම.

වැටුප් පරිමාණය :- රු. 51,095-7×540; 10×640- 60,575 (මාසික) U-MT 1(III)

(රු. 84,517.00 – රජය විසින් අනුමත කරන ලද දීමනා සමඟ මාසික දළ වැටුප)

බඳවා ගැනීම :- සම්මුඛ පරීක්ෂණයක් මඟින්.

වයස :– අවුරුදු 18 ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.

 

තාක්ෂණික නිලධාරී (විදුලි) III ශ්‍රේණිය
TECHNICAL OFFICER (ELECTRICAL) (GRADE III)

සුදුසුකම් :-

  1. අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් භෞතික විද්‍යා විෂය ධාරාවෙන්  එක් වරකදී විෂයයන් තුනකින් (03) සමත්වීම හෝ තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ ඉංජිනේරු තාක්ෂණවේදය (ET) / තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය (ICT) යන විෂයයන්ගෙන් එක් වරකදී විෂයයන් තුනකින් (03) සමත් වී තිබීම.

සහ

  1. විදුලි  ඉංජිනේරු ක්ෂේත්‍රයේ හෝ ඊට සමාන ක්ෂේත්‍රයක තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව හෝ පිළිගත් ආයතනයකින් විසින් පිළිගනු ලබන කාර්මික / වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුදුසුකමේ 5 වන මට්ටම (NVQ Level 5)  හෝ ඊට නොඅඩු මට්ටමක ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම.

වැටුප් පරිමාණය :- රු. 51,095-7×540; 10×640- 60,575 (මාසික) U-MT 1(III)

(රු. 84,517.00 – රජය විසින් අනුමත කරන ලද දීමනා සමඟ මාසික දළ වැටුප)

බඳවා ගැනීම :- ලිඛිත හා/හෝ ප්‍රායෝගික පරීක්ෂණයක්  හා සම්මුඛ පරීක්ෂණයක් මඟින්.

වයස :– අවුරුදු 18 ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.

 

වෘත්තීය ශිල්ප ප්‍රදර්ශක (වෑද්දුම්) II ශ්‍රේණිය
CRAFT DEMONSTRATOR (FITTING) (GRADE II)

සුදුසුකම් :-

  1. පහත සඳහන් ක්ෂේත්‍ර එකක හෝ ඊට වැඩි ගණනක පළපුරුද්ද තිබිය යුතුය.

වාත්තු වැඩ, පෑස්සුම් සහ කම්හල් වැඩ, යාන්ත්‍රික උපාංග, රටා සැකසීම, තහඩු වැඩ, වඩු වැඩ, ලෝහ වැඩ.

සටහන : ඉහත සඳහන් ක්ෂේත්‍රයන්ගෙන් එකකට වැඩි ගණනක් සඳහා පළපුරුද්ද ඇති අය කෙරෙහි ප්‍රමුඛත්වය දක්වනු   ලැබේ.

සහ

  1. විශ්වවිද්‍යාලයක / රාජ්‍ය සේවයේ හෝ පිළිගත් ආයතනයක පුහුණු ශිල්පියෙකු ලෙස අවම වශයෙන් වසර 15 ක පළපුරුද්ද ලබා තිබීම.

හෝ

  1. විශ්වවිද්‍යාලයක / රාජ්‍ය ආයතනයක හෝ පිළිගත් ආයතනයක අවම වශයෙන් වසර තුනක කාලයක් ඉහත අංක එක (i) යටතේ සඳහන් විෂය ක්ෂේත්‍රයක විශේෂ ශ්‍රේණියේ පුහුණු ශිල්පියෙකු වශයෙන් සේවයේ යෙදී තිබීම.

වැටුප් පරිමාණය :- රු. 49,475-17×540 – 58,655 (මාසික) U-M​N 1(III)

(රු. 82,565.00 – රජය විසින් අනුමත කරන ලද දීමනා සමඟ මාසික දළ වැටුප)

බඳවා ගැනීම :-  ප්‍රායෝගික පරීක්ෂණයක් හා සම්මුඛ පරීක්ෂණයක් මගිනි.

වයස :– අවුරුදු 18 ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.

 

පෑස්සුම්කරු (III ශ්‍රේණිය)
WELDER (GRADE III)

සුදුසුකම් :

  1. තනතුරේ කාර්යයට අදාළ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් කාර්මික / වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 4 වන මට්ටමට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම.

සටහන :- පාඨමාලාවට අදාළ ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම (NVQ Level) තහවුරු කිරීම සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (Tertiary and Vocational Education Commission) මඟින් නිකුත් කරන සමානතා සහතිකයක් (Certificate of Equivalence) ඉදිරිපත් කළ යුතුය.

වෙනත්:

  1. ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.
  2. තනතුරේ රාජකාරී හොඳින් ඉටු කිරීමට සහ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ශාරීරිකව හා මානසිකව සුදුසු විය යුතුය.
  3. මනා චරිතවත් පුද්ගලයෙකු විය යුතුය.

වැටුප් පරිමාණය :- රු. 48,005 – 16x490 – 55,845 (මාසික) U-PL 3(III)

(රු. 80,798.00 – රජය විසින් අනුමත කරන ලද දීමනා සමඟ මාසික දළ වැටුප)

බඳවා ගැනීම :- වෘත්තීය පරීක්ෂණයක් හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මඟින්.

වයස :– අවුරුදු 18 ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.

 

ආරක්ෂක නියාමක (III ශ්‍රේණිය)
SECURITY GUARD (GRADE III)

සුදුසුකම් :

  1. අ.පො.ස. (සා.පෙළ) විභාගය විෂයයන් හයක් (06) අවමය සම්මාන සාමාර්ථ දෙකක් (02) සහිතව උපරිම වාර දෙකක දී සමත් වී තිබීම.

වෙනත් :

  1. ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.
  2. තනතුරේ රාජකාරී හොඳින් ඉටු කිරීමට සහ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ශාරීරිකව හා මානසිකව සුදුසු විය යුතුය.
  3. මනා චරිතවත් පුද්ගලයෙකු විය යුතුය.

වැටුප් පරිමාණය :–  රු. 42,775-16x450 – 49,975 (මාසික) U-PL 1(III)

(රු. 74,506.00 – රජය විසින් අනුමත කරන ලද දීමනා සමඟ මාසික දළ වැටුප)

බඳවා ගැනීම :– වෘත්තීය පරීක්ෂණයක් හා/හෝ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මඟින්.

වයස :– අවුරුදු 18 ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.

 

වෙනත් ප්‍රතිලාභ :-

  • අයදුම්කරුවන් තම ඉපයීම් වලින් 10%ක් විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලට ගෙවිය යුතු අතර, විශ්වවිද්‍යාලය මගින් එකී ඉපයීම් වලින් 7%කට සමාන මුදලක් විශ්වවිද්‍යාලයීය අර්ථසාධක අරමුදලට ද, 8%කට සමාන මුදලක් විශ්වවිද්‍යාලයීය විශ්‍රාම වැටුප් අරමුදලට බැර කරනු ලැබේ.
  • එයට අමතරව 3%ක මුදලක් විශ්වවිද්‍යාලය මගින් සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදලට බැර කරනු ලැබේ.
  • නිල ඇඳුම් හා පාවහන් (තනතුරට අදාළ වන පරිදි)

අයදුම්පත් මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ පමණක් ඉදිරිපත් කළ යුතු අතර අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා මාර්ගගත ද්වාරය (Online Portal) 2026.11.01 දින පෙ.ව. 8.30 සිට 2026.11.14 දින ප.ව. 4.00 දක්වා විවෘතව පවතිනු ඇත.  වැඩි විස්තර https://www.sjp.ac.lk/vacancies වෙබ් පිටුව මගින් ලබා ගත හැකි අතර මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා https://hrms.sjp.ac.lk/vacancies/nonacademic/open වෙත පිවිසිය යුතුය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව / උසස් අධ්‍යාපන ආයතනයක / රාජ්‍ය දෙපාර්තමේන්තුවක / රාජ්‍ය සංස්ථාවක / ව්‍යවස්ථාපිත මණ්ඩලයක සේවය කරන අයදුම්කරුවන් අයදුම් කරන ලද තනතුරට තේරී පත්වුවහොත් තමා සේවය කරන ආයතනයේ සේවයෙන් නිදහස් කළ හැකි බවට වූ තම ආයතනයේ ප්‍රධානී සහතිකය අයදුම්පත් ඉදිරිපත් කරන අවස්ථාවේ උඩුගත (Upload) කළ යුතුය.

සෑම අයදුම්කරුවෙකුම තමා විසින් අයදුම් කරනු ලබන සෑම තනතුරක් සඳහාම වෙන් වෙන් වශයෙන්         ආපසු නොගෙවන පදනම මත රු. 1000.00 ක අයදුම්පත් ගාස්තුවක් ගෙවිය යුතුය. මෙම ගෙවීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ණයපත් / හරපත් (Credit/Debit Card) මඟින් සෘජුවම කළ හැකිය.

ඔබ මෙම ගෙවීම මහජන බැංකු ශාඛාවක් මඟින් සිදු කරන්නේ නම් මාර්ගගත අ​යදුම්පත අවසානයේ දක්වා ඇති පරිදි බැංකු පෝරමය (Bank Slip) පුරවා එම බැංකු පෝරමයේ ඇති හේතුව (Purpose) සඳහා අයඳුම්පතට අදාල අනන්‍ය (Unique) ගෙවීම් යොමු අංකය (Payment Reference No.) සටහන් කිරීම අනිවාර්ය වේ. පසුව එම බැංකු පෝරම උඩුගත (Upload) කළ යුතු අතර ඒ සඳහා පහසුකම් සලසා ඇත.

මෙම ගෙවීම මාර්ගගත බැංකු හර කිරීම් (Bank Transfer) හරහා සිදුකිරීම නොකළ යුතු බව කරුණාවෙන් සලකන්න.

අවශ්‍ය විස්තර සඳහන් නොකිරීම, අපැහැදිලිවීම, සුදුසුකම් හා පලපුරුද්ද සනාථ කිරීම සඳහා අදාල සහතික වල පිටපත් උඩුගත (Upload) කර නොතිබීම, නියමිත අයදුම්පත් ගාස්තුව ගෙවා නොතිබීම, අයදුම්පතට අදාළ අනන්‍ය ගෙවීම් අංකය (Payment Reference No.) සඳහන් කර නොමැති බැංකු පෝරම උඩුගත (Upload) කර තිබීම හෝ වෙනයම් අවශ්‍යතාවයක් සපුරා නොතිබීම අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට හේතු වේ.

කිසියම් අයදුම්පත්‍රයක් ප්‍රතික්ෂේප කළ විට කුමන හේතුවක් නිසා හෝ යළි සලකා බැලීම සිදු නොකෙරේ.

විමසීම් සඳහා රාජකාරී දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 4.00 දක්වා 0112758212/102 දුරකථන අංක ඔස්සේ ඇමතිය හැක.

 

ලේඛකාධිකාරී
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල, නුගේගොඩ.
2026.10.30

Apply Now!