February 2018

Month

2018 පෙබරවාරි මස 15 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති ශ්‍රී ලංකා වරලත් මුල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා පර්යේෂණ අභියෝගය 2018 ජයග්‍රහණය නතු කරගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලීය කණ්ඩායම සමත්විය. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/management-commerce/dept-finance-wins-cfa-research-challenge
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානය මෙහෙයවන උසස් අධ්‍යාපන ඉගැන්වීම පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාවට අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදු කරන අතර සම්පූර්ණ කරන ලද ජීව දත්ත පත 2018 මාර්තු 15 වන දින හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් ලියාපදිංචි විය යුතුය. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/courses/certificate-course-teaching-higher-education-cthe
Read More
විද්‍යාවේදී හෙද උපාධිධාරීන්ගේ පශ්චාත් උපාධි අවස්ථා වැඩිදියුණු කිරීම සම්බන්ධව පැවැත්වූ සාකච්චාවක් 2018 පෙබරවාරි මස 20 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, වෛද්‍ය විද්‍යා පිඨයේ පීඨාධිපතිනි මහාචාර්ය සුරංගි යසවර්ධන මහත්මිය සහ ස්වීඩන විශ්වවිද්‍යාලීය මහාචාර්ය කැරිනා එල්ගන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
ගූගල් ආයතනය මඟින් සංවර්ධිත නොමිලේ සපයන සේවාවක් වන “ගූගල් පංතිකාමරය” හරහා පැවරුම් නිර්මාණය, බෙදා හැරීම සහ ශ්‍රේණිගත කිරීම සිදු කල හැකිය. පිවිසෙන්න www.sjp.ac.lk/classroom භාවිතා කරන ආකාරය ජංගම දුරකථන යෙදුම iOS සහ Android ජංගම දුරකථන සඳහා ද යෙදුමක් පවතින අතර ඒ හරහා පින්තුර ලබාගෙන පැවරුම් සඳහා සම්බන්ධ කල හැකි අතර අන්තර්ජාල ප්‍රවේශය රහිතවද මෙය භාවිතා කල හැකිය. මේ සඳහා...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ නව පිඨ ගොඩනැගිල්ල විවෘත කිරීම 2018 පෙබරවාරි මස 22 සුබ මොහොතින් සිදුකෙරිණි. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර කුමාර මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.
Read More
ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් ව්‍යාපාර පාසල සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුව මොනෑෂ් ව්‍යාපාර පාසලේ ජ’පුර චාරිකාව සඳහා ඕස්ට්‍රේලියාවේ “මොනෑෂ් ව්‍යාපාර පාසලේ” අධ්‍යයන සාමාජිකයින් 5 දෙනකු සහ පශ්චාත් උපාධි අපේක්ෂකයින් ඇතුළු උපාධි අපේක්ෂකයින් 35 කගෙන් සැදුම්ලත් නියෝජිත කණඩායමක් සහභාගී වූ අතර ඔවුන් සඳහා සත්කාරකත්වය දක්වනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයි. මේ වැඩසටහන 2018 පෙබරවාරි...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ අලෙවි කළමනාකරණය අධ්‍යයනාංශය සහ “හේමාස් හෝල්ඩින්ස්” සමාගම අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම 2018 පෙබරවාරි මස 16 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ව්‍යාපාරික ආර්ථිකවිද්‍යා අධ්‍යයනාංශය විසින් අධ්‍යයනාංශයේ 3 වැනි වසරේ උපාධි අපේක්ෂකයින් සඳහා සංවිධානය කරන ලද කාර්මික ප්‍රදර්ශනයක් 2018 පෙබරවාරි මස 15 වැනිදා පැවැත්විය.  
Read More
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමීන්වහන්සේව ඉදිරි වසර පහක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අභිනව කුලපති ධුරයට පත්කොට තිබෙනවා. වයස අවුරුදු 14 සපිරෙන විට පැවදි දිවියට පිවිසි උන්වහන්සේ 1963 වසරේ දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගනු ලැබූ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ ගිණුම්කරණ අධ්‍යනාංශය සංවිධානය කරන ලද පිරිත් සජ්ජායනාව 2018 පෙබරවාරි මස 15 වැනිදා පිඨ පරිශ්‍රයේදී පැවැත්විය.
Read More
1 2 3 4

Recent Comments