October 21, 2019

Day

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආහාර විද්‍යා හා තාක්ෂණවේදය අධ්‍යනාංශයේ ආචාර්ය දුලානි සොමේන්ද්‍රිකා මහත්මිය 2019 SLAYS විවෘත සංසදයේදී රන් පදක්කමක් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකා තරුණ විද්‍යාඥයන්ගේ ඇකඩමිය විසින් සංවිධානය කරන ලද  SLAYS විවෘත සංසදය 2019 ඔක්තෝබර් මස 16 වන දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණ.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා අධ්‍යනාංශයේ සිව්වන වසර උපාධි අපේක්ෂකයන් 10 දෙනෙක් සඳහා පැය 300කින් සමන්විත සීමාවාසික පුහුණුවක් ඕස්ට්‍රේලියාවේ ඊඩිත් කෝවන් විශ්වවිද්‍යාලයීය වෛද්‍ය හා සෞඛ්‍ය විද්‍යා පාසල මගින් පිරිනමා ඇත. සිසුන් මෙම සීමාවාසික පුහුණුව 2019 සැප්තැම්බර් මස 10 වන දින පැවති සමාරම්භක රැස්වීමෙන් පසුව අරඹන ලදී.    
Read More

Recent Comments