Culture & Arts

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමීව මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019 පෙබරවාරි මස 20 වන දින පැවැත්විය. මෙයට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විද්‍යෝදය පරිවේණාධිපති ගරු බලංගොඩ සෝභිත ස්වාමින්වහන්සේද,...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තෛපොංගල් උත්සවය 2019 ජනවාරි මස 30 වැනි දින සුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිට ස්ථාපිත සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විය. තෛපොංගල් උත්සවය ඓතිහාසිකව සමරනුයේ සූර්යයාට කෘතඥතාව දැක්වීමක් ලෙසයි. මෙම උත්සවය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විවිධ සිසු කණ්ඩායම් අතර සහයෝගීතාව, සමගිය සලකුණු කරයි. මේ අවස්ථාව සදහා පූජ්‍ය දඹර අමිල ස්වාමීන්වහන්ස, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා...
Read More
මානව හා සමාජ විද්‍යා පීඨය විසින් මෙහෙයවූ සය වන මානව හා සමාජ විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික පර්යේෂණ සමුළුව 2018 නොවැම්බර් මස 29 සහ 30 වන දිනයන් හිදී මහරගම ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්විණ. එහි මුලසුන හොබවන ලද්දේ ආචාර්ය බී. ඩබ්ලියු. ආර්. දමයන්ති මහත්මිය වූ අතර සමුළු ලේකම් ලෙස කටයුතු කරන ලද්දේ  ආචාර්ය නෙළුම් කන්තිලතා මහත්මියයි. සමුළුවේ සමාරම්භක...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින්ගේ විසින් “කඳසුරිඳු ගී රඟපුජා” නමින් සංවිධානය කරන ලද ගීත සහ නර්තන ඉදිරිපත් කිරීමේ වැඩසටහනක් 2018 නොවැම්බර් මස 03 වැනිදා රුහුණු මහා කතරගම දේවාලයේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ගරු උසස් අධ්‍යාපන හා සංස්කෘතික සම්බන්දතා අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ සෞන්දර්ය කලා විශ්විද්‍යාලයේ මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලිය ආදී විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් 3 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම 2018” මෙවර 2018 ඔක්තෝම්බර් මස 17 වැනිදා කොළඹ “වෝටර්ස් එඩ්ජ්” හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. මේ අවස්ථාව සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ආදී විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. එච්. කේ. එච්. වෑගපිටිය...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන පුජ්‍ය මහාචාර්ය එම්. විජිතධම්ම ස්වාමීන් වහන්සේට ‘බෞද්ධ සාහිත්‍ය සම්මාන – 2018’ ගෞරව සම්මානය හිමිවිය. උන්වහන්සේ විසින් රචිත දසබෝධිසත්තුප්පත්තිකථා අට්ඨකතා කෘතියට හිමි වූ මෙම සම්මානය 2018 සැප්තැම්බර් මස 14 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ‘බෞද්ධ සාහිත්‍ය සම්මාන – 2018’ දී පුජ්‍ය...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා ශිෂ්‍ය සංගමය විසින් අඛණ්ඩව 8 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ වාර්ෂික නාට්‍ය සැණකෙළිය ඉතා සාර්ථකව පැවැත්වූ අතර 2018 ජුලි මස 24 වැනිදා අකිල සපුමල් මහතා අධ්‍යක්ෂණය කල “පුලුවන්නම් අල්ලගන්න” වේදිකා නාට්‍ය වේදිකා ගත විය.
Read More
කෝට්ටේ යුගයේ (1412–1597) ලියවුනු ගිරා, පරෙවි, කෝකිල, සැළලිහිණි සහ හංස සංදේශ පදනම් කරගෙන මානව හා ශාස්ත්‍ර සමාජීය විද්‍යා පිඨයේ සංස්කෘතික කමිටුව විසින් සංවිධානය කරන ලද සන්දෙශාවලි කවිනළුව සංගීතමය වැඩසටහන 2018 ජුලි 12 වැනිදා පැවැත්විය. මිට සමගාමිව “සංදේශනාවලි කවිනළුව ; සංගීතමය විචිත්‍රාංගය” ශාස්ත්‍රීය වෙළුමක් දොරට වැඩුමද සිදුවිය. වැඩසටහන පිලිබඳ වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/sandeshawali-kawinaluwa-සන්දෙශාවලි-කවිනළුව/
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨය සංවිධානය කරන ලද 2 වන විද්‍යෝදය ශිෂ්‍ය පර්යේෂණ දිනය 2018 ජුලි මස 10 සහ 11 යන දෙදින විශ්විද්‍යාලීය සුමංගල ශාලාවේදී පැවැත්වූ අතර මෙහි මුලික අරමුණ වූයේ පිඨයේ අවසාන වසර සිසුන්ගේ නිබන්ධන වල විස්තාරිත සාරාංශ ඉදිරිපත් කිරීමයි. සමුළුවේ ප්‍රධාන දේශිකාව ලෙස එංගලන්තයේ වාර්වික් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දිලිනි ප්‍රනාන්දු මහත්මිය...
Read More
දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ සිතුවම් ප්‍රදර්ශනය 2018 ජුලි මස 10 වැනිදා සිට 13 වැනිදා දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ. ඇෆ්ගනිස්ථාන, බංගලාදේශ, ඉන්දියා, මාලදිවයින, නේපාල, පකිස්ථාන සහ ශ්‍රී ලංකා යන සියලුම සාමාජික රටවල සිතුවම් මෙහිදී ප්‍රදර්ශනය කෙරේ. මෙහි ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහභාගී විය.
Read More
1 2 3 5

Recent Comments