පුවත්

පුවත්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආහාර විද්‍යා හා තාක්ෂණවේදය අධ්‍යනාංශයේ ආචාර්ය දුලානි සොමේන්ද්‍රිකා මහත්මිය 2019 SLAYS විවෘත සංසදයේදී රන් පදක්කමක් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකා තරුණ විද්‍යාඥයන්ගේ ඇකඩමිය විසින් සංවිධානය කරන ලද  SLAYS විවෘත සංසදය 2019 ඔක්තෝබර් මස 16 වන දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණ.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා අධ්‍යනාංශයේ සිව්වන වසර උපාධි අපේක්ෂකයන් 10 දෙනෙක් සඳහා පැය 300කින් සමන්විත සීමාවාසික පුහුණුවක් ඕස්ට්‍රේලියාවේ ඊඩිත් කෝවන් විශ්වවිද්‍යාලයීය වෛද්‍ය හා සෞඛ්‍ය විද්‍යා පාසල මගින් පිරිනමා ඇත. සිසුන් මෙම සීමාවාසික පුහුණුව 2019 සැප්තැම්බර් මස 10 වන දින පැවති සමාරම්භක රැස්වීමෙන් පසුව අරඹන ලදී.    
Read More
  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යනාංශයට අනුබද්ධිත දැව සැකසුම් නවෝත්පාදන මධ්‍යස්ථානයෙහි හා තිරසාරත්වය සඳහා කේන්ද්‍රයෙහි නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම පසුගියදා ව්‍යවහාරික විද්‍යා පීඨ පීඨාධිපති මහාචාර්ය ලලීන් කරුණානායක මහතා හා තාක්ෂණ පීඨ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා අතින් සිදුවිය. මෙම අවස්ථාවට මහාචාර්ය හිරාන් අමරසේකර මහතා, මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය, ආචාර්ය ප්‍රියාන් පෙරේරා මහතා සහ තවත් ආචාර්යවරුන්...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ චතුනි පෙරේරා, අශ්විනි රත්නායක, සඳුමිනි කල්දේරා යන දෙවන වසර උපාධි අපේක්ෂක සිසුවියන් විසින් නොවා කණ්ඩායම නමින් මොරටුව විශ්වවිද්‍යාලයීය Rotaract Club විසින් සංවිධානය කරන ලද ව්‍යාපාර අභියෝග තරඟයකට සහභාගී වී දෙවන අනුශූරයන් බවට පත්ව ඇත.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පසුගිය සැප්තැම්බර් 29 වන දින චීනයේ Jiaotong විශ්වවිද්‍යාලයේ සංචාරයක යෙදුණි. මෙම විශ්වවිද්‍යාලය 1951 දී රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ලෙස ස්ථාපිත කර ඇති අතර විවිධ අධ්‍යයන ක්ෂේත්‍රයන්හි නියැලී සිටියද ඔවුන්ගේ ප්‍රධාන අවධානය ඉංජිනේරු ක්ෂේත්‍රය කෙරෙහි යොමු වී තිබේ. විශේෂ අරමුණු සපුරාලමින් විශ්වවිද්‍යාල අතර දිගුකාලීන සහයෝගීතාවයක් ඇති කිරීම මෙම සංචාරයේ අරමුණ විය. වැඩිදුර තොරතුරු...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 2015 සිට 2018 දක්වා කාලය තුල එමරල්ඩ් අන්තර්ගතයේ ඉහළම පරිශීලකයා ලෙස සම්මානයට පාත්‍ර විය. එම සම්මානය 2019 සැප්තැම්බර් මස 18 වන දින පැවති ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පුස්තකාලයාධිපතිවරුන්ගේ ජාත්‍යන්තර සමුළුවේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පුස්තකාලයාධිපතිතුමිය වෙත පිරිනමන ලදී. මෙම සම්මානය ලබා ගැනීම සඳහා මහත් සහයෝගයක් සැපයූ උපකුලපති තුමාට, පුස්තකාල කාර්ය මණ්ඩලයට එමරල්ඩ් පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා සමස්තයක්...
Read More
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් සහ පාරිසරික අධ්‍යාපනයේ පුරෝගාමියෙකු ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිය දෛනික මෙහෙයුම් වලින් සිදුවන පාරිසරික බලපෑම් සම්බන්ධව වගකිවයුතු වීමේ වැදගත්කම හඳුනාගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික අධ්‍යනාංශයේ තිරසාරභාවය සඳහා මධ්‍යස්ථානයේ ආචාර්ය ප්‍රියාන් පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල...
Read More
අනධ්‍යයන සේවක වැඩ වර්ජනය අවසන් වීම හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය අධ්‍යයන කටයුතු නැවත අරඹන අතර විශ්වවිද්‍යාලයීය නේවාසිකාගාර 2019 ඔක්තෝබර් මස 13 වන ඉරු දින සිට විවෘත වේ. ව්‍යවහාරික විද්‍යා පීඨයේ හා ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතු 2019 ඔක්තෝබර් මස 15 වන දින සිට අරඹන අතර මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ විභාග කටයුතු 2019 ඔක්තෝබර් මස 16 වන දින සිට ඇරඹේ....
Read More
  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 45 වන උපාධි ප්‍රදානෝත්සවය 2019 සැප්තැම්බර් මස 10 සහ 11 වන දිනවලදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය. ප්‍රථම සහ පශ්චාත් උපාධි 3300 කට අධික ප්‍රමාණයක් පිරිනැමුණු මෙම උපාධි ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් සහ උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය. උපාධිධාරී නම්...
Read More
විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති වැඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලයේ විභාග දින නියමයක් නැතිව කල් දමා ඇතිබව මෙයින් දැනුම් දෙනු ලබේ. විභාග නැවත පැවැත්වෙන දින වෙබ් අඩවිය මගින් සහන අධ්‍යයන නිවාඩු කාලයක් සහිතව දැනුම් දෙනු ලැබේ
Read More
1 2 3 4 5 75

Recent Comments