June 2017

Month

Launching Ceremony of Research Clusters and Poster Exhibition
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ ව්‍යාපාර පරිපාලන අධ්‍යයනාංශයේ අවසන් වසර සිසුන්ගේ පර්යේෂණ පර්ෂදය සහ පෝස්ටර් ප්‍රදර්ශනයේ සමාරම්භය 2017 ජුනි මස 28 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ අතින් සිදු විය.    
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සත්කාරකත්වය දැරු ප්‍රථම ආර්ථික විද්‍යාව හා සංවර්ධනය පිලිබඳ අන්තර්ජාතික සමුළුව 2017 ජුනි මස 15 හා 16 යන දෙදින කොළොඹදි පැවැත්විය.  
Read More
J'pura Warna 2017
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 43 වන වර්ණ සම්මාන උළෙල මෙවර 2017 ජුනි මස 21 දින කොළොඹ “වෝටර්ස් එජ්” හෝටලයේදී පැවැත්විය. මෙවර සම්මාන ප්‍රධානෝත්සවය සංවිධානය ක්‍රීඩා කවුන්සිලය මගින් සිදුවිය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පිඨයේ මෘදු කුසලතා සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලද අන්තර් අධ්‍යයනාංශ දැනුම මිනුම තරගාවලියේ අවසාන වටය සුමංගල කියවීම් ශාලාවේදී 2017 ජුනි මස 13 වැනිදා පැවැත්විය.
Read More
One Day Workshop foe Final Year Students of FHSS 2017
මෘදු කුසලතා සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලද මානවශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨයේ අවසන් වසර සිසුන් සදහා වූ ආයතනික පුහුණු වැඩමුළුවක් 2017 ජුනි මස 20 වන දින පෙ.ව. 8.00 සිට ප.ව 5.00 දක්වා බණ්ඩාරනායක ශාලාවේදී පැවැත්විය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ අලුතින් ඉඳි කරන ලද පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම 2017 ජුනි මස 14 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති සම්පත් අමරතුංග මහතා අතින් සිදුවිය.  
Read More
pali atuwawa
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජවිද්‍යා පිඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන පුජ්‍ය මැදගම්පිටිය විජිතධම්ම හිමියන් විසින් සම්පාදිත දසබෝධිසත්තුප්පත්තිකථා අට්ඨකථා නම් අභිනව පාලි අටුවාව දොරට වැඩුම 2017 ජුනි මස 19 වැනිදා විශ්වවිද්‍යාලීය සුමංගල ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති සම්පත් අමරතුංග මහතාද සහභාගී විය.  
Read More
Waste management
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තිරසාරත්වය උදෙසා කේන්ද්‍රය සහ උපාධි අධ්‍යයන පීඨය එක්ව සංවිධානය කරන දින දෙකක අපද්‍රවය කළමනාකරණය සහ පාංශු ප්‍රතිකර්මනය පිලිබඳ පාඨමාලාව 2017 ජුලි මස 12 සහ 13 යන දෙදින පැවැත්වේ. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/courses/two-days-certificate-course-on-waste-management-and-soil-remediation/
Read More
අලුතින් ඉඳි කරන ලද සන්ථාගාරය සඳහා සාමාජිකත්ව හැදුනුම්සපත් නිකුත් කිරීමේ විශේෂ සායනයක් 2017 ජුනි 22 වැනිදා පෙ.ව. 11..00 සිට ප.ව. 1.00 දක්වා පැවැත්වේ. අයදුම් පත බාගත කරගන්න : www.santhagaraya.sjp.ac.lk/wp-content/uploads/2017/06/Membership_Application_Form    
Read More
1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 34 වන වගන්තියේ සහ එහි තදනන්තර  සංශෝධනවල නියමයන් ප්‍රකාරව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් උපකුලපති තනතුර සඳහා පුද්ගලයන්ගේ අයදුම්පත් හා නාමයෝජනා කැඳවනු ලැබේ. 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත අනුව උපකුලපති පූර්ණ කාලීන නිලධාරියෙක් වේ.  ඔහු/ඇය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරියා හා ගණන්දීමේ නිලධාරියා වේ.  ඔහු/ඇය නිල බලයෙන් පාලක...
Read More
1 2 3

Recent Comments