January 29, 2019

Day

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන, නව්‍යකරණ සහ ව්‍යපාර නිර්මාණ කවුන්සිලය මඟින් 2019 ජනවාරි 25 වන දින සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය 60 වන ජුබිලි සංවත්සරයට සමගාමීව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී 2019 අප්‍රියෙල් මස 2 හා 3 වන දින පැවැත්වීමට නියමිත නවෝත්පාදන, නව්‍යකරණ තරඟාවලිය හා ප්‍රදර්ශනය පිලිබඳ සාකච්ඡා කරන ලදී. මෙම පුවත්පත් සාකච්ඡාවට ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨයේ, ව්‍යවසායකත්ව අධ්‍යයනාංශයේ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන සහාය ඒකකය විසින් මෙහෙයවනු ලබන පහත සඳහන් පාඨමාලා සඳහා 2019/2020 අධ්‍යයන වර්ෂය සඳහා ව්‍යවසායකයන් හා වෘත්තීයවේදීන් බඳවා ගැනීම 2019.02.24 දක්වා සිදු කෙරේ. 01. ව්‍යවසායකත්ව ව්‍යාපාර කළමනාකරණ සහතිකපත්‍ර පාඨමාලාව- CEBM -පාඨමාලා කාලය- වසර 01 -පාඨමාලා ගාස්තුව- රු. 60,000.00 (වාරික තුනකින්...
Read More
ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විසින් සංවිධානය කරන ලද සාර්ථකත්වයේ සෙවනැලි වැඩමුළු මාලාවේ සිව්වන අදියර ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ආහාර ජාත්‍යන්තරයේ ප්‍රවර්ධනයෙහිලා සුවිසල් සේවයක් සලසන ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් 2019 ජනවාරි මස 23 වන දින පැවැත්විණ. 250කට අධික උපාධි අපේක්ෂකයන් සංඛ්‍යාවක් සහ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. සාර්ථකත්වයේ සෙවනැලි පළමු...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වෘතිය නිපුණතා සංවර්ධන සමිතියේ වාර්ෂික පාරිසරික සංවේදිතා ව්‍යාපෘතිය ලෙස වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2019 ජනවාරි 23 වැනි දින හලාවත ප්‍රදේශයේ මුතුපන්තිය වෙරළ තිරයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට 100කට අධික සිසුන් සංඛ්‍යාවක්, ආරච්චිකට්ටුව පොලිසියේ නිලධාරීන්, පරිසර අධිකාරී නිලධාරීන් හා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් තුමා සහභාගී විය.
Read More

Recent Comments