March 2018

Month

2017 ශ්‍රී ලංකාවේ පැවති වාර්ෂික ජපන් කථික තරඟයේ ජෙය්ෂ්ඨ කාණ්ඩයෙන් ප්‍රථම ස්ථානය ලබා 2018 මාර්තු මස 17 වැනිදා පකිස්ථානයේ පැවති 10 වැනි දකුණු ආසියාතික ජපන් කථික තරඟයට සහභාගී වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ ඉංග්‍රීසි හා වාග්විද්‍යා අධ්‍යයනාංශයේ උපාධි අපේක්ශිකා බි. එස්. දිල්රුක්ෂි මෙනවිය එහිදී ජෙය්ෂ්ඨ කාණ්ඩය යට‍තේ තරඟ වැද දෙවන ස්ථානය...
Read More
විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා දර්ශනවේදී උපාධි ශිෂ්‍යත්ව ලබා දීම වෙනුවෙන් අයදුම් පත් කැඳවීම මේ දිනවල සිදුකෙරේ. අයදුම් පත් කැඳවීමේ අවසාන දිනය 2018 අප්‍රේල් මස 23 වැනිදායි. අයදුම් පත කැඳවීම www.ugc.ac.lk/images/Financial_Assistance_UGC_AHEAD_University_Teachers_Studies-2018.pdf උපදෙස් www.ugc.ac.lk/images/AHEAD_University_Guideline_HRD_2.pdf
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් අතර හමුවක් 2018 මාර්තු මස 22 වැනිදා විශ්වවිද්‍යාලීය පරිපාලන ගොඩනැගිල්ලේ රැස්වීම් ශාලාවේදී පැවැත්විය. එහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කර සිටියේ විශ්විද්‍යාලයේ පවතින විවිධ රටවල මධ්‍යස්ථාන අතරට ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ සහයෝගය ද ඇතිව ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන බවය. එමගින් සිසුන්ගේ...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සහ දකුණු කොරියානු විශ්වවිද්‍යාලයක වෛද්‍ය මධ්‍යස්ථානය අතර වෛද්‍ය විද්‍යාව, අධ්‍යාපනය හා පර්යේෂණ කේෂ්ත්‍රවල තොරතුරු හුවමාරු කරගැනීම සහ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති වැඩිදියුණු කිරීම වෙනුවෙන් වූ අවබෝධතා ගිව්සුමකට අත්සන් තැබීම 2018 මාර්තු මස 15 වැනිදා සිදුවිය. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ශ්‍රී ලංකාවේ වෛද්‍ය කේෂ්ත්‍රයේ සහ දේශීය වෙදකම...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ගිණුම්කරණ අධ්‍යනාංශය සහ ප්‍රසිද්ධ විගණන සමාගමක් අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම 2018 මාර්තු මස 22 වැනිදා සිදුවිය. මේ හරහා ගිණුම්කරණ අධ්‍යනාංශයේ සිසුන්ගේ වෘත්තීය පුහුණු වැඩසටහන සාර්ථක කරගැනීමට අවකාශය සැලෙසෙනු ඇත. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කර සිටියේ ගිණුම්කරණ අධ්‍යනාංශය රට...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ජාතික සන් යැට් සෙන් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම් 2 කට අත්සන් තැබීම 2018 මාර්තු මස 22 වැනිදා සිදුවිය.මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය. වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/academic/usjp-signed-two-mou-national-sun-yat-sen-university/
Read More
2018 වර්ෂය සඳහා වන ශ‍්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමයේ ස්වර්ණ මුද්‍රිකාව පිරිනැමීම සඳහා සිංහල, පාලි, ප‍්‍රාකෘත, සංස්කෘත, වංග ආදි ප‍්‍රාචීන භාෂා සාහිත්‍යයන් පිළිබඳ වත්, විශේෂයෙන් වාග්විද්‍යා විෂය පිළිබඳ වත් අග‍්‍රගණ්‍ය පඬිවරයකු වශයෙන් විද්වත් ලෝකයෙහි සම්භාවනාවට පාත‍්‍ර වී සිටින මහාචාර්ය විමල් ගුණසේකර බලගල්ලේ මහතා නම් කර තිබේ. සිංහල ශබ්ද කෝෂයේ ප‍්‍රධාන සංස්කාරක වශයෙන් 1994 සිට 2002...
Read More
1993 මැයි මස 01 වැනිදා ආරම්භ කරන ලද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨය ශ්‍රී ලංකාවේ 6 වැනි වෛද්‍ය විද්‍යා පිඨයයි. පළමු වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම ලෙස සිසුන් 139 බඳවා ගත් අතර ඔවුනතරින් 42 නෙකු මේ වන විට විශේෂඥ වෛද්‍යවරු ලෙස සේවයේ යෙදෙනවා. වර්තමානයේ මහාචාර්ය සුරංගි යසවර්ධන මහත්මිය පීඨාධිපති ධුරය හොබවන වෛද්‍ය විද්‍යා පිඨයහි විවිධ උපාධි...
Read More
උසස් අධ්‍යයාපන ව්‍යාප්තිය හා සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම 2018 පෙබරවාරි මස 23 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ලෝක බැංකුවේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය ඉදිරි වසර 5 ක් පුරා පර්යේෂණ තුලින් ශ්‍රී ලංකාවේ...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ 3 වැනි වසර උපාධි අපේක්ෂකයින් විසින් අධ්‍යයන කටයුතු හා සබැඳි ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති 8 ක් පසුගිය දිනවලදී ක්‍රියාත්මක කළහ. කොළඹ දිස්ත්‍රිකයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 2 වන වලවුවත්ත හා හංවැල්ල ප්‍රදේශ මේ සඳහා තෝරාගත් අතර ව්‍යාපෘති පිලිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා පහත සබැඳියට...
Read More
1 2

Recent Comments