June 13, 2019

Day

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාකරණ පීඨයේ ගිණුම්කරණ අධ්‍යයන අංශය හා Moody’s Analytics Knowledge Services පුද්ගලික ආයතනය අතර අවබෝධතා ගිවිසුම 2019 ජූනි මස 6 වන දින උපකුලපති කාර්යාලයේදී අත්සන් තැබිණ. එහි මූලික පරමාර්ථය එම අධ්‍යනාංශයේ සිසුන් හට සීමාවාසික පුහුණුව ලබා දීම මගින් ගිණුම්කරණ අධ්‍යයන අංශය හා Moody’s Analytics Knowledge Services පුද්ගලික ආයතනය අතර දැනුම බෙදාගැනීමවේ. මෙම අවස්ථාවට විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග...
Read More
2017 – 2018 අධ්‍යයන වර්ෂය සඳහා උපාධි අපේක්ෂකයන් හට මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය 2019 මැයි මස 23 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ සහභාගීත්වයෙන් පීඨ රැස්වීම් ශාලාවේදී පැවැත්විය. තවද එම අවස්ථාවට ව්‍යවහාරික විද්‍යා පීඨ පීඨාධිපති මහාචාර්ය ලලීන් කරුණානායක මහතාද, කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨ පීඨාධිපති ආචාර්ය අනුර කුමාර මහතාද තවත් කාර්ය මණ්ඩලයේ පිරිසක්ද සහභාගී විය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යනාංශය මඟින් පවත්වනු ලබන අපරාධ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සඳහා 2019 වර්ෂයට අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් බාරගන්නා අවසාන දිනය : 2019 ජූනි මස 15 වන දින අයදුම්පත් බාගත කරගන්න 
Read More

Recent Comments