Institutes

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ ජෛවගෝල ප්‍රත්‍යස්ථතිය පර්යේෂණ මධ්‍යස්ථානයේ ආචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියට ඝන අපද්‍රව්‍ය පොහොර බවට පත්කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 50 ක පර්යේෂණ ප්‍රතිපාදන ලබාදීම සඳහා ජාතික පර්යේෂණ කවුන්සිලයේ සභාපති මහාචාර්ය ජනක ද සිල්වා මහතා සමඟ 2018 ඔක්තෝම්බර් මස 25 වැනිදා ගිවිසුමක් අත්සන් තැබිය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඉල්ලක්කගත පර්යේෂණයක් වෙනුවෙන් ලැබුණු ප්‍රථම පර්යේෂණ...
Read More
වර්ධනය වන වෛරස් අසාදන පිලිබඳ සමුළුව 2018, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය සහ ඕස්ට්‍රේලියානු විද්‍යාගාර ආයතනයක් සමඟ එක්ව සංවිධානය කල අතර එය 2018 සැප්තැම්බර් මස 20 සහ 21 දෙදින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී පැවැත්වූ අතර එහි මුලික අරමුණ වුයේ වර්ධනය වන වෛරස් අසාදන සඳහා තිරසාර විසදුම් සහිත පර්යේෂණ සිදු කරන විද්‍යාඥයින් එකට මුණගැසිමයි.
Read More
විශ්වවිද්‍යාල සහ ව්‍යාපාර ක්‍රේෂ්ත්‍ර සහෝයෝගිතා පර්යේෂණ හඳුනාගැනීමේ මුලික අරමුණ ඇතිව සංවිධානය කරන ලද වැඩමුළුවක් 2018 සැප්තැම්බර් මස 12 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ නව සෝරත ගොඩනැගිල්ලේ රැස්වීම් ශාලාවේදී පැවැත්විය.
Read More
ශ්‍රී ලංකාවේ සහතික ලත් පෞද්ගලික කළමනාකාරවරුන්ගේ ආයතනය විසින් සංවිධානය කරන ලද සහතික ලත් පෞද්ගලික කළමනාකාරවරුන් කළමනාකරණ සම්මාන උළලේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හට විශ්විද්‍යාලය වෙනුවෙන් සිදු කරන ලද සේවාව වෙනුවෙන් සම්මානයක් හිමිවිය. 2018 සැප්තැම්බර් මස 04 වැනිදා කොළඹ “කින්ග්ස්බරි” හෝටලයේදී පැවති මෙම සම්මාන උළලේදි ක්‍රේෂ්ත්‍ර ගණනාවක පුද්ගලයින් සඳහා සම්මාන පිරිනැමිය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ ශිෂ්‍ය, කාර්ය මණ්ඩල හුවමාරු සහ සහයෝගිතා පර්යේෂණ සිදු කිරීම ආදිය වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්වවිද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ මහාචාර්ය රනිල් ද සිල්වා මහතා චීනයේ අධ්‍යාපන ආයතන දෙකක සංචාරයක නිරත විය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව්‍යකරණ, නිපැයුම් සහ ව්‍යාපාර නිර්මාණ  සභාව විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පිලිබඳ වූ ක්‍රියාකාරී වැඩමුළුවක් 2018 සැප්තැම්බර් මස 04 වැනිදා බොරලැස්ගමුව හෝටලයකදී පැවැත්විය.  
Read More
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල පැවැත්වෙන විවාද හා විෂය මුලික කරගත් කරුණු ඉදිරිපත් කිරීම් වලදී පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට අවශ්‍ය දැනුම ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ අධ්‍යයන මණ්ඩල සාමාජිකයින් හරහා ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. ඒ හරහා ප්‍රතිපත්ති නිර්මාණකරුවන්ට වඩා ප්‍රයෝගික ප්‍රතිපත්ති නිර්මාණයටත් ඒ තුලින් වඩා හොද පාලනයක් රට තුල ඇති කිරීමටත් හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධව...
Read More
බිජිං ජෛන විද්‍යා ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර සහයෝගිතා පර්යේෂණ සිදු කිරීම සඳහා සාකච්ඡාවක් 2018 ජුනි මස 05 වැනිදා සිදු කල අතර 2018 ජුලි මස 31 වැනිදා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදුවිය. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/usjp-become-hub-omic-technology-linking-china 2018 ජුනි මස 05 සාකච්ඡාව 2018 ජුලි මස 31 සාකච්ඡාව
Read More
“ක්‍රියාකාරී ඉගෙනුම් සහ නව්‍යයෝත්පාදන ක්‍රම” පිලිබඳ සම්මන්ත්‍රණය, එකසත් ජනපදය  ඇමෙරිකානු එක්සත් ජනපදයේ පැවති ක්‍රියාකාරී ඉගෙනුම් සහ නව්‍යයෝත්පාදන ක්‍රමෝපායන් පිලිබඳ සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රධාන විශ්වවිද්‍යාලීය නියෝජිත පිරිසක් 2018 ජුනි මස 28 වැනිදා සහභාගී වූ අතර එහිදී විශ්වවිද්‍යාලීය තුල ව්‍යාපාර ප්‍රවර්ධන ස්ථාන පිහිටුවීමේ කටයුතු ඇමෙරිකානු එක්සත් ජනපදයේ සහයෝගීතාවයෙන් තවදුරටත් ගෙනයාම පිලිබඳ සාකච්චා විය....
Read More
ජපුර සහ එයාටෙල් ආයතනය විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ අලෙවි කළමනාකරණ අධ්‍යයනාංශයේ උපාධි අපේක්ෂකයින් සඳහා ව්‍යාපාර සහයෝගිතා වැඩසටහනක් ආරම්භ කල අතර ඒ හරහා  උපාධි අපේක්ෂකයින්ට ක්ෂේත්‍රය පිලිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමේ ඉඩහසර හිමිවී ඇත. ග්‍රාහක ප්‍රමාණය අනුව ලොව 3 වැනියට විශාලතම ජංගම දුරකථන ජාලය වන එයාටෙල් ආයතනය අතර සිදු වන...
Read More
1 2

Recent Comments