අති පූජ්‍ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ කුලපති ධුරයට

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමීන්වහන්සේව ඉදිරි වසර පහක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අභිනව කුලපති ධුරයට පත්කොට තිබෙනවා.

වයස අවුරුදු 14 සපිරෙන විට පැවදි දිවියට පිවිසි උන්වහන්සේ 1963 වසරේ දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගනු ලැබූ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයෙන් දර්ශනපති සහ දර්ශන විශාරද උපාධිය හිමිකර ගත්හ. 2014 වසරේ ඔක්තෝබර් මස 18 වන දින ශ්‍රී කල්‍යානි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ධුරයට පත්වූ අතර බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි ආගමික නායකයන්ගෙන් සැදුම්ලත් අන්තර් ආගමික සමුළුවේ ප්‍රධාන ලේකම් ධුරය ද අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනායක ස්වාමීන්වහන්සේ විසින් හොබවනවා.

Related Posts Plugin for WordPress, Blogger...

Upcoming Events

There are no upcoming events at this time.

News