APICTA සම්මාන උළෙල 2019 හිදී පරිගණක විද්‍යා අධ්‍යනාංශයේ සිසුවියක් රන් පදක්කමක් දිනා ගනී

From Left: Mr. D. D. A. Gamini (Head/Senior Lecturer in Computer Science) , Senior  Prof. Sampath Amaratunge (Vice Chancellor),   Ms. Madushi D. Welikala (Winner, APICTA 2019), Mr. M. D. R. Perera (Senior Lecturer in Computer Science)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යනාංශයේ මදුෂි වැලිකළ සිසුවිය 2019 ආසියා පැසිපික් තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සහකාර සම්මාන උළෙලේදී රන් පදක්කමක් දිනා ගන්නා ලදී. පරිගණක විද්‍යා අධ්‍යනාංශයේ ජේය්ෂ්ඨ කථිකාචාර්ය එම්.ඩී.ආර් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ එම සිසුවිය “DiabMate” නමින් තම ව්‍යාපෘතිය ඉදිරිපත් කර ඇත.
මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා මදුෂි වැලිකළ සිසුවිය හට මූල්‍ය ප්‍රතිපාදන සැපයූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන, නව්‍යකරණ හා ව්‍යාපාර නිර්මාණ කවුන්සිලයට (IIVCC) විශේෂ ස්තූතිය පිරිනමනු ලැබේ.

 

Related Posts Plugin for WordPress, Blogger...

Upcoming Events

There are no upcoming events at this time.

News