Inception 2019 – වාර්ෂික රැකියා පොළ හා ඩයලොග් වෘත්තීය දිනය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවිකරණ කළමනාකරණ අධ්‍යනාංශය විසින් සංවිධානය කරන ලද ‘Inception 2019’ වාර්ෂික රැකියා පොළ 2019 මැයි මස 31 වන දින සිව්වන වසරේ අලෙවිකරණ උපාධිධාරීන් සඳහා සාර්ථකව පැවැත්විණ. මෙම වැඩසටහනට පෙර 29 සහ 30 දිනවලදී වෘත්තීය මාර්ගෝපදේශන වැඩමුළු 2 ක්ද පැවැත්විනි.

මෙම රැකියා පොළ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ අලෙවිකරණ කළමනාකරණ අධ්‍යනාංශයේ රැකියා අපේක්ෂා කරන උපාධි අපේක්ෂකයන් කේන්ද්‍ර කරගෙන පැවැත්වූ අතර ඔවුන්ට වෘත්තීය මාර්ගයන් පිලිබඳ අවබෝධයක් ලබාදීම සිදුකෙරිණ.

Inception -2019 හි දෙවන අදියර වූ  ඩයලොග් වෘත්තීය දිනය 2019 මැයි මස 25 වන දින ඩයලොග් ආසියාටා සමාගම සමග සහයෝගීතාවයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණ.

වාර්ෂික රැකියා පොළ

ඩයලොග් වෘත්තීය දිනය

Related Posts Plugin for WordPress, Blogger...

Upcoming Events

There are no upcoming events at this time.

News