edX ආයතනය මගින් ලබාදෙන පාඨමාලා සඳහා නොමිලේ ප්‍රවේශ වීමට USJ සිසුන් සහ කාර්ය මණ්ඩලය හට අවස්ථාව

ලොව ප්‍රමුඛ විශ්ව විද්‍යාල සහ ආයතන වල පාඨමාලා හැදෑරීමට edX ආයතනය මගින් ලබාදෙන සීමිත අවස්ථාවන් සඳහා ප්‍රවේශ වීමට මහගු අවස්ථාවක් USJ සිසුන් සහ කාර්ය මණ්ඩලය සඳහා ලැබී ඇත.  edX ආයතනය ලබාදෙනු ලබන එම​ පාඨමාලා පිළිබඳ විස්තර සඳහා, පිවිසෙන්න https://docs.google.com/spreadsheets/d/1tDt0hfmi2szAx5EtBevXwrVF1mANc6D4DVjKV3nzZHA/edit?usp=sharing

ඔබට පාඨමාලා තොරතුරු https://www.edx.org වෙත ගොස් දැනගත හැකි අතර ඔබට එම පාඨමාලාව හැදැරීමට අවශ්‍යනම් පමණක් පාඨමාලාවේ edX වෙබ් අඩවි ලිපිනය (website url) (උදාහරණයක් ලෙස Upper-Intermediate English: Modern Life පාඨමාලාවේ වෙබ් අඩවි ලිපිනය  https://www.edx.org/course/upper-intermediate-english-modern-life වේ) පහත ආකෘතියේ http://tiny.cc/n339pz (සිසුන් සඳහා), http://tiny.cc/wujaqz (කාර්ය මණ්ඩලය සඳහා) ඔබගේ තොරතුරු සමග ඇතුලත් කර ලියාපදිංචි වන්න​. උපදෙස් සඳහා පිවිසෙන්න : USJ-edX

පාඨමාලා 2 ක් දැනට​ ඔබට තොර ගැනිමට අවස්ථාව සලසා ඇත​.
වැරදි ලෙස පුරවන (email, course url) ආකෘතිය ඉවත් කරනු ලබයි.
එක අයදුම්කරුවකුට එක් වතාවක් පමණක් මේ සඳහා ලියාපදිංචි විය හැකි අතර​, සමාන තොරතුරු සපයන්නන් ලියාපදිංචියෙන් ඉවත් කරනු ඇත​.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍ය​ නම් පමණක්, විද්‍යුත් තැපෑලෙන් එහි විෂය ලෙස “edX Offer” යොදා පරිගණක විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රසාද් එම්. ජයවීර මහතා “totprasad@gmail.com” මගින් සම්බන්ධ කරගත හැක.

Related Posts Plugin for WordPress, Blogger...

Upcoming Events

There are no upcoming events at this time.

Recent Posts