වෙසක් බැති ගී සහ දන්සැල 2019

වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ප්‍රමුඛ විශ්වවිද්‍යාලීය පාලන අධිකාරිය විසින් සංවිධානය කරන ලද වෙසක් භක්ති ගීත වැඩසටහන හා දන්සැල 2019/05/23 වන දින ප.ව. 04.00 ට ශ්‍රී සුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිටදී පැවැත්විණ. විශ්වවිද්‍යාලයීය සිසු එකමුතුව ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිසු ඝනත්වය අතින් ශ්‍රී ලංකාවේ විශාලතම විශ්වවිද්‍යාලය ලෙස සැලකේ. විශ්වවිද්‍යාලය තුල විවිධ ප්‍රජාවන්ට අයත් සිසුන් කාර්ය මණ්ඩල සාමාජිකයන් විශාල ප්‍රමාණයක් සිටියි. මේ දිනවල රටේ පවතින වාතාවරණය තුල විවිධ ප්‍රජාවන් අතර  එකමුතුකම ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.

මෙම අවස්ථාවට අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නායක කුලපති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ, ඉස්ලාම් මවුලවිතුමා සහ හින්දු කුරුක්කල් උතුමන්වහන්සේලා ඇතුළු පුජක උතුමන්ලාද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ද සහභාගී විය.

 

Related Posts Plugin for WordPress, Blogger...

News