Staff

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විසින් ස්ථාපිත අධ්‍යයන කාර්ය මණ්ඩල ක්‍රීඩා සමාජය සමඟ විශ්වවිද්‍යාලීය අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට දැන් එක් විය හැක. මේ වන විටත් ස්ථාපනය කර ඇති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විශ්වවිද්‍යාලීය අධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් සුසැදි “ක්‍රිකට් කණ්ඩායම” සහ “කළුබෝවිල රෝහල් කණ්ඩායම” අතර 2017 දෙසැම්බර් මස 10 වැනිදා සුහද ක්‍රිකට් තරගාවලියක්...
Read More
කළමනාකරණ හා වාණිජ විද්‍යා පිඨයේ තාර්කික විද්‍යා අධ්‍යනාංශයේ ජෙය්ෂ්ඨ කථිකාචාර්ය එස්.එම්. අමරසේන මහතා වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ නව අධ්‍යක්ෂක ලෙස වැඩ භාරගැනීම මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සජ්ජායන මැද්දේ 2018 ජනවාරි මස 10 වැනිදා සිදු විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ පීඨාධිපතිවරු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 2018 නව වසර ආගමික වතාවත් සහ චාරිත්‍ර වලට මුල් තැන දෙමින් ආරම්භ කළේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාව සඳහා විශ්විද්‍යාලයේ පීඨ 7 පීඨාධිපතිවරුන් සහ ලේඛකාධිකාරීතුමා ඇතුළු විශ්විද්‍යාලීය ප්‍රජාව සහභාගිවිය.
Read More
පසුගිය දිනවල ශ්‍රී ලංකාව තුල ඇතිවූ දැඩි සුළං තත්වය නිසා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට හානි සිදු වූ අතර තත්වය හැකි ඉක්මනින් සමනය කිරීම සදහා විශ්විද්‍යාලීය නඩත්තු අංශය යුහුසුළුව ක්‍රියාත්මක විය. එහිදී ක්‍රියාත්මක වූ විශ්විද්‍යාලීය නඩත්තු අංශයේ කාර්ය මණ්ඩලය ඇගයීමේ උත්සවයක් 2017 දෙසැම්බර් මස 20 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.  
Read More
1 2 3

Recent Comments