ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ හා වාණිජ විද්‍යා පීඨය මගින් සංවිධානය කරන 13 වැනි ව්‍යාපාරික කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය 2016 දෙසැම්බර් මස 07 සහ 08 යන දෙදින පැවැත්විණි. සමාරම්භක සැසිය කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්වුණු අතර අධ්‍යයන පර්යේෂණ සැසිය හා ආචාර්ය සමුළුව විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විය.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහභාගී වූ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර කුමාර මහතා ඇතුළු විද්‍යාර්ථයින් මේ සදහා සහභාගී විය.